Priyanthi's Notes

 2012/12/16
කුමාරියේ

යටැසින් බලා මදහස දෙන මුතු මාලී
නෙතගින් බලා මට හිනැහෙන රන්මාලී
සිත ගිනෙ නිවා මට බහ දෙන මුතුමාලී
සිහිනෙන් පවා ඔබ පතනෙමි හසමාලී
..
සිතුවිලි සොයා හීනෙන් මෙන් ආව ලියේ
නෙක ගී ගයා නුබ සොයනෙමි මගේ ලියේ
මුතු මල් හිනා මට දෙනු මැන මගේ ලියේ
යටැසින් බලා නුඹ මගේ වී කුමාරියේ
...
මින්දද පෙලා හිත පෙම් බැඳි බාල ලියේ
හොරහින් බලා මට බහ දුන් කෝල ලියේ
තුන් කල් බලා ගෙල ර...
...................................................................................................................................................................


2012/12/16
ගුරුමව්නි ඔබ කොහිද

නිමක් නැති පද වැල්
ගෙතූයෙමි ඔබෙ නමින්..
ඒ එකදු කවක් වත් නැත
නිසි නොවේ ඔබෙ නමින්..
මුළු ලොවම ජයගතිමි
ඒ ඔබේ නාමෙන්
ගුරුමව්නි ඔබ කොහිද
සිසුවියන් තනියෙන්....
වාරු නැති දෙපයකින්
හැර ගියේ ම'දුකින්
අවේ නැහැ බලන්නට
හිතූවත් පෙමකින්..
ගුරු දිනය සමරන්නේ
කෙලෙසකද ම ඉතින්?
හොයන කළ ඔබ ඉතින්
හැර ගොහින් මෙලොවින්
වල් බිහිව ඇති සොහොන්
කොත ළඟම හඬමින්
යදින්නම් මෑණියනි
.............................................................................................................


2012/12/15
හිමි අහිමි ඔබේ පෙම

ළමා වියෙන් ඇරඹි
මරණයෙන් වත්
කෙළවර නොවූ
ලොව දනන් මුවග
එදා මෙදා තෙක්
ලොව පවතිනා තුරු
කියැවෙන , කියැවුණු
පෙම් පුවත් සියල්ලම
ශොඛාන්තයකින්ම
නිමැවුණු වග දනිමි..
සිතාවනි, දැනසිටියාද නුඹ
දනන් හඩවත්හි නුඹ
ගැන මෙතරම්ම
 කවි ලියැවෙනා වග?
කුළගොත් නොපෑහී
ආදරේ  නාමෙන් දිවි පිදූ
රෝමියො ජුලියට්
අදත් ඔබ නමින්
ලියැවෙනා වග
නොයෙක් පදරුත්?
විඳවන විඳවූ හීත්ක්ලීෆ්
වියරුවෙන් පෙම් කළ
මරණයෙන් වත් සැනසුමක්
නැති නුඹට අරුමයක්ද
මේ වැණුම්?
මියැදෙන තෙක් ඔබ නමින්
ඉදිකළ ටජ්මහලට
නෙතු යොමා සිටි
ශා ජෙහාන්ගේ
නොනිමි පෙම දනීද ඔබ?
ශෝඛාන්තයෙන් කෙළවර වූ
පෙම් පුවත් අපේ
සිත් සතන් වල
මේ තරම්  බැඳීමක්?
ශෝකාන්තයක් හෝ
සුඛාන්තයක් නොවන අපේ
පෙම් පුවත රැඳේවිද මුවග
අපි දත් නොදත්
දනන්ගේ මුවග?
හිමි අහිමි පැතූ නොපැතූ
සදාකාලික පෙමක් ගැන
කියාවිද කවුරුන් හෝ
අපි යළිත් මුන නොගැසෙන දිනෙක?
..............................................................................................................

No comments:

Post a Comment